Aug 13, 2019

ගෝඨාට කැරැල්ලක් : මුතුහෙට්ටිගම වැඩ අල්ලයි  Featured

මේ සැරේ අපේක්ෂකයා වී ඇත්තේ වරෙක ආමිකාරයෙක්, වරෙක ආරක්ෂක ලේකම්වරයෙක් බවත්, ඔහුගේ මහජන සම්බන්ධතාවය සම්බන්ධයන් තමා නොදන්නා බවත්, මැතිවරණවලදීවත් සුහදව කතා නොකළ ඔහු ඉදිරියේදී හමුවීමට හෝ නොහැකි වනු ඇති බවට සැකයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.

ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව කියා සිටියේය.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ආණ්ඩුවේ අමාත්‍යවරුන් සමග සුහදව කටයුතු නොකල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කර සිටී.

එවැනි පුද්ගලයෙකු මහජනතාව සමග සුහදව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව ඔහුගේ මතය වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top