Aug 13, 2019

ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට දේශපාලන අභිප්‍රායක් ඕනි - සංගා Featured

ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ‘ව්‍යවස්ථා යෝජනාවලිය’ ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අභිප්‍රායක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම හා සිදත් වෙත්තමුනිගේ අදහස් හා යෝජනා අනුව සකස් කරන ලද ‘ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය’ පසුගිය මස 23 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබුණි.

සංගක්කාර මේ පිළිබදව මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට්, තේරීම් ප්‍රතිපත්තිය, පරිපාලනය සඳහා වඩා හොඳ ක්‍රමවේදයක් යැයි අප සිතන දේ සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ක්‍රියාවට නැංවීම සඳහා යම් තාක් දුරකට දේශපාලන අභිප්‍රායක් අවශ්‍ය වෙනවා. එසේ නැතහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා සාමාජ විසින්ම එම යෝජනාවලිය සම්මත කරගැනීමට ඡන්දය දිය යුතුයි, ක්‍රීඩාවට වාසිදායක වන අයුරින් බලය විමධ්‍යගත කිරීම සඳහා බලයේ සිටින පුද්ගලයින් එම ආසන අත්හැර දැමීමට හැකි විය යුතුයි. පරිපාලනය එය නොකරන්නේ නම්, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිප්‍රාය පරිදි ගෙන පාර්ලිමේන්තුවේදී විවාද කර, ක්‍රීඩා නීතිය සහ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කළ යුතුයි,”

“ඒ සඳහා ධෛර්යය හා දැක්ම ඇති පළමු පුද්ගලයා කවුරුන්ද යන්න අප බලා සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top