Aug 13, 2019

සතියකට දිනක් පාසල්වල ඉංග්‍රීසි වැඩ

පාසල් සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීම අරමුණු කරගනිමින් සතියකට එක් දිනයක් සියලූ පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට යෝජනා කර තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබාදී ඇති විෂය මාලාව වඩාත් ඵලදායීව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැළසුම් සකස් කර පන්ති කාමරයේ ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක්ද මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ එක්ව වඩාත් ඵලදායී විෂයමාළා, පෙළපොත් සහ විභාග ක්‍රමවේදය සකස් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top