Aug 14, 2019

17න් පසු ගෝඨාගේ වන්දනා වැඩ ඉවරයි : 18 ඉඳන් ආසනවල

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුවේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වන්දනා කටයුතු අවසන්වන්නේ ලබන 17 වැනිදායින් පසුව බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්කර සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top