Aug 14, 2019

ආගම හෝ විශ්වාසය සම්බන්ධ විශේෂ නියෝජිතයෙක් ලංකාවට Featured

ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩ් හෙට (15) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
 මෙරට ජනතාවගේ ආගම හෝ විශ්වාසය සම්බන්ධව පවතින නිදහස භුක්ති විදීමේදී ඇතිවන බාධක හඳුනාගැනීම සහ ඒවාට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කරයි.
 
මෙම සංචාරය අතරතුර රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
 
එසේම 2005 වසරේ ආගම හෝ විශ්වාසය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ නියෝජිත අස්මා ජහන්ගීත්ගේ මෙරට සංචාරයේදී ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ අනුව වර්තමානයේ ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධව ද විමසා බැලීමට නියමිතය.
 
සංචාරය කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාල නිර්දේශ ඉදිරිපත් කිරීමටත් 2020 මාර්තු මස ජිනීවා හිදී පැවැත්වීමට නියමිත මානව අයිතිවාසිකම් කවුන්සිලයට එම වාර්තාව ඉදිරිපත් කිරීමටත් නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top