Aug 14, 2019

එජාප අපේක්ෂකයා සැප්තැම්බර් දෙවැනි සතියේ : මංගල සජිත් මාතර ගෙනයයි  Featured

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණු සන්ධානය ලබන සැප්තැම්බර් මුල් සතියේදී ප්‍රකාශයට පත්කරනු ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ ජනරැලිය සැප්තැම්බර් දෙවැනි සතියේදී කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සැලැසුම් සකසමින් සිටින බව වාර්තා වේ.
 
කෙසේවුවද, මේවන විට එජාප ජනපති අපේක්ෂකත්වය සඳහා තුන් කොන් සටනක් ඇති බව පැවසේ.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කථානායක කරු ජයසූරිය යන අය අතර මේ තුන් කොන්සටන ඇතිව තිබේ.
 
මෙවර එජාපය සිය අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කළ හොත් ඒ වසර 15කට පසුව සිදුවන්නකි.
 
කෙසේවුවද, ශ්‍රී ලංකාවේ මීළඟට තේරී පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම තනතුර යම් සීමාවන්ට යටත් කර තිබේ.
 
රනිල් හා කරූ පක්ෂයේ මන්ත්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බලය ලබාගනිමින් පක්ෂයේ අපේක්ෂකයාවීමට උත්සහ කරමින් සිටියදී සජිත් ජනබලය මතින් පක්ෂයේ අපේක්ෂකයාවීමට සැලැසුම් සකස්කරමින් සිටී.
 
එසේ සජිත් අපේක්ෂකයා කිරීමේ තවත්  රැළියක් අගෝස්තු 23දා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට මේවනවිට කටයුතු යොදා ඇත. 
 
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුලිකත්වයෙන් යුතුව මාතර එජාප බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම රැලියට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.
 
මෙම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ ජනරැලිය සැප්තැම්බර් මුල් සතියේදී කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top