Aug 14, 2019

හමුදාපති නල්ලූර් කෝවිලේ (ඡායා) Featured

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජාව වෙනුවෙන් පැවැත්වු විශේෂ ආගමික වතාවත් වෙනුවෙන් අද (14) යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා උත්සවය පසුගිය 06 වැනිදා ආරම්භ කළ අතර, එළැඹෙන 30 වැනිදා දිය කැපීමේ උත්සවයෙන් අනතුරුව වාර්ෂික මංගල්ලයේ කටයුතු නිමා කිරීමට නියමිතය.

නල්ලූර් කෝවිලේ පාලක සභාව පැවසූවේ මෙවර අති විශාල ජනතාවක් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවනු ඇති බවට විශ්වාස කරන බවයි.

උතුරු නැගෙනහිර හින්දු ජනතාව මෙන්ව විදේශගතව සිටින ජනතාව විශාල පිරිසක් සෑම වර්ෂයකම නල්ලූර් පුජා සමයේදී කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගිවෙති.

යුද හමුදාපතිවරයාගේ මේ සංචාරයේ අරමුණ වී ඇත්තේ කෝවිලේ ආරක්ෂාව හා කෝවිල වැඳපුදා ගැනීමය.

නල්ලූර් කෝවිලේ සිරිත් අනුගමනය කරමින් යුධ හමුදාපතිවරයා ඇතුළු පිරිස උඩුකය නිරාවරණය කරගෙන කෝවිලේ උත්සව වෙනුවෙන් සහභාගි වි සිටියහ.

වැඩසටහන් අවස්ථාවන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් පිරිසක් ද එක්වූහ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top