Aug 14, 2019

කුණු ලොරි 2ක් හැපී අයෙක් රෝහලේ : එකක නොම්බරත් නෑ (ඡායා)

පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේදී කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අද (14) වැනිදා මෙම අනතුර සිදුවී තිබුණි.

කොළඹ සිට අරුවක්කාළු පිහිටි සනීපාරක්ෂක කසල අංගනය දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ දෙකක් මෙසේ අනතුරට පත්වී තිබුණි.

ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ටිපර් රථයක පිටුපස අනෙක් ටිපර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

රෝහල් ගත කර ඇත්තේ පිටුපසින් ගමන් කළ ටිපර් රථයේ රියදුරු බව පොලීසිය කියයි.

එම ටිපර් රථයටද අනතුර හේතුවෙන් බරපතල හානි සිදුවී ඇත.

මෙම තත්ත්වය නිසා එම ටිපර් රථය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණි.

එම නිසා වෙනත් ටිපර් රථයක් ගෙන්වා අනතුරට පත්ව තිබූ ටිපර් රථයේ පටවා තිබුණු කසල පැටවීමට උත්සාහ කළත් ප්‍රදේශවාසීන් ඊට විරෝධතාවය පළ කරන ලදි.

පසුව පොලීසිය මැදිහත්වී අනතුරට පත්ව තිබූ ටිපර් රථයේ කසල වෙනත් ටිපර් රථයකින් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලදි.

අනතුරට පත්ව ඇති ටිපර් රථයේ ලියාපදිංචි අංකයක් හෝ නොමැති වීම විශේෂත්වයක් විය.

මේ ආකාරයට ලියාපදිංචි නොකළ ටිපර් රථ රැසක්ම කසල ප්‍රවාහනය කිරීම සදහා යොදා ගෙන ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top