Aug 16, 2019

18 ජවිපෙ වැඩ අල්ලයි : සජිත් - ගෝඨා අඳුරුයුගේ මෙනෙහි කරයි Featured

සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා වුවහොත් ඔහුට සහය නොදීමට තීරණය කර ඇති 2015 දී එජාපෙට සහය දැක්වූ සිවිල් හා දේශපාලන කණ්ඩායම් රැසක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට තීන්දු කර ඇතැයි වාර්තාවේ.

එහෙත් කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා පළමු මනාපය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ අපේක්ෂකයාට ලබාදී දෙවැනි මනාපය එජාප අපේක්ෂකයාට ලබා දෙන ලෙස ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට ද ඔවුන් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් 2015 එජාපය සමඟ සිටි ඇතැම් බලවේග මේ වන විටත් ජාතික ජන බලවේග සමග කටයුතු කරමින් සිටී.

ජාතික ජනබලවේගය හරහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වනු ඇතැයි එම පක්ෂයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළ අතර ජවිපෙ ප්‍රකාශ කර ඇත්තේ (18) ගාලුමෝදර පිටියේ පැවැත්වෙන රැළියේදී අපේක්ෂකයන් ආවරණය කරන බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top