Aug 17, 2019

පළාත් සභා තියන්න දින 60ක්, ජනපතිවරණයට දින 50ක් ඕන - මැකෝ Featured

පළාත් සභා මැතිවරණය තැබීමට දින 60ක්ද ඉන් පසුව ජනපතිවරණය තැබීමට දින 50ක්ද අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

කෙසේවුවද, ජනපතිවරණය තැබිය හැකි අවසන් දිනය දෙසැම්බර් 07 වැනිදා බවද ඔහු කියා සිටී.

මේ දෙක එක ළඟ පැවැත්වීමට යාමෙන් ඕවලැප්වීමක් සිදුවිය හැක බවද ඒ මහතා කියා සිටී.

තම කොමිසම ජනපතිවරණ මෙහෙයුමට බාධාවන ආකාරයට පළාත් සභා පැවැත්වීමට කැමැත්තක් නැතැයි ද දේශප්‍රිය මහත කියා සිටී.

මැකෝ FB පාලනය කරන්නේ මෙහෙමයි

මැතිවරණ කාලය තුළ ඊට අදාළ වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු, මුදල් ගෙවා පලකරන ආරංචි, මඩ ගැසීම්, සනාථ නොකළ හැකි පුවත්, අපහාසාත්මක පුවත් පාලනය කිරීමට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය යැයි යන මතයේ තම කොමිසම ඇතැයි ෆේස්බුක් එක පාලනය කිරීමට මැකෝ සැරසෙන බවට පලව තිබූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටී.

හදිස්සි පළාත් සභා ඡන්දයක්

මේ අතර, ඉරිදා ලංකාදීප පුවත්පත සිය මුල් පිටුවේ ප්‍රවෘතියකින් වාර්තා කර ඇත්තේ හදිස්සි පළාත් සභා ඡන්දයක් සඳහා ප්‍රධාන පක්ෂ සූදානම්වන බවයි.

සබැඳි පුවත්

මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වෙයි !

ජනපතිවරණය මැයි දක්වා කල් යයි? : මහින්දම ජනපති අපේක්ෂකයා?

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top