Aug 17, 2019

චන්ද්‍රිකාට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය : මෛත්‍රී චන්ද්‍රිකා සන්ධානයක්? Featured

දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එසේම පොහොට්ටුව පක්ෂයේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන ලෙසත් සෙසු මන්ත්‍රීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

එහෙත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව ස්ථීර වචනයක් ලබා දී නොමැති බව වාර්තා වන අතර ඉදිරියේදී ඒ ගැන සලකා බලමු යැයි පමණක් ඔහු සඳහන් කළ බව වාර්තා වේ.

මේ තත්ත්වයත් සමඟ චන්ද්‍රිකා හා මෛත්‍රී අතර සුහද තාවය වර්ධනය කිරීමට ඇයට මන්ත්‍රීකම ලබාදීම හොඳ බව ජනපති උපදේශකයන් පිරිසක් පවසා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේවන විට දේශපාලන අස්ථාවරත්වයට පත්ව ඇති සිරිසේන මහතාට එය වාසිදායක වනු ඇති බවද ඔවුන් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි පැවසේ.

පොහොට්ටු ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවට එක්වූ ප්‍රබලයන් කිහිපයක් කලකිරී ඇතැයිද මේ අතර වාර්තා වේ.

අදාළ තත්ත්වයත් සමඟ චන්ද්‍රිකා සමඟ එක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ජනතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්වීමට ලැබෙන බව එම උපදේශක මතය වී ඇතැයි පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top