Aug 18, 2019

ගෝඨාගේ බුද්ධි අංශය උතුරේ කල්ලියක් පස්සේ: ජනපතිට පැමිණිල්ලක් Featured

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් සකස් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් දැනුම්වත් කර ඇති බැවත් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙසත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ කරුණා අම්මාන්ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බවයි.

ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම පවසා තිබේ.

රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි ද පැවසේ.

ගෝඨාගේ ස්වෙච්ඡා බල ඇණිය

මේ අතර, පළමුවරට ගෝඨාගේ ස්වෙච්ඡා බල ඇණිය පසුගියදා ඔහු මහනුවර කළ දළදා මාලිගාවට ගිය අවස්ථාවේ රැකවල් ලා තිබිණි.

සාමාන්‍ය පුරවැසියන් කිසිවකුට ඔහු ආසන්නයට හෝ පැමිණීමට ඉඩ ලබා නොදෙමින් එම බලඇණිය එහිදී දැඩි ආරක්ෂාවක් ලබාදී තිබිණි.

Gota Inගෝඨාගේ ස්වෙච්ඡා බල ඇණිය නුවරදී ආරක්ෂාව සැපයූ අයුරු..

මූලාශ්‍රය - දේශය

සබැඳි පුවත්
හෙටින් පසු ගෝඨා වන්දනාවේ යයි - ආරක්ෂාවට ස්වෙච්ඡා බලඇණියක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top