Aug 18, 2019

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 63ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 63 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
 ප්‍රහාරයෙන් තවත් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද පැවසේ.
 
කාබුල් අගනුවර පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී තිබේ.
 
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ෂවයක් භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටියහැකි බවට සැක කළද ඔවුන් එය ප්‍රතික්සේප කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.
 
මීට දින දින 10කට පෙරද කාබුල් නගරයේ පොලිස් ස්ථානයක් ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14දෙනෙකු මරණයට පත් විය.
 
ඉන් 150ට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top