Aug 18, 2019

ශ්‍රී ලංකා පොලිසිය ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ දිනාගනියි Featured

එංගලන්තයේ පැවති 6 වැනි ලෝක පොලිස්  ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිස් පිල සමත්ව තිබේ. 

ආසියානු රටක් ලෝක පොලිස් ක්‍රිකට් කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙය බවද පැවසේ. 

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ බටහිර ඔස්ට්‍රේලියානු කන්ඩායමයි.

ශ්‍රී ලංකා පොලිස් ක්‍රීකට් කණ්ඩායමේ නායකයා ලෙස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා කටයුතු කරන අතර ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top