Aug 18, 2019

ජනපතිවරණය නොවැම්බර් 16 : මෛත්‍රීට අගමැති කමක් Featured

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර කියා සිටියේ ජනාධිපති මැතිවරණය නොවැම්බර් 15ත් දෙසැම්බර් 07 අතර දිනක පැවැත්වෙන බවයි. 

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුව මේ ගැන අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා අවම වශයෙන් දින 44කුත් හෝ උපරිම දින 65ක් හෝ අවශ්‍ය බවයි. 
 
ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශය ඔක්තෝබර් මස මුල සතියේ දී නිකුත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
 
මෛත්‍රීගේ භූමිකාව
එජාපයේ දැනට උත්ගතව තිබෙන අර්බුදය ඉක්මනින් විසඳාගෙන එළැඹෙන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස එජාපයෙන් ස්ථීරවම ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වෙනතුරු එජාපය සමග එකතුවීම සඳහා සාකච්ඡා ඇරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලාපොරොත්තුවෙන් සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.
 
දැනට හේමා ප්‍රේමදාස මහත්මිය සහ ජනාධිපතිවරයා අතර මේ පිළිබඳ අදහස් හුවමාරු වී ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත්, සජිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනා ගැනීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාද උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
 
මහින්ද සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් දැනටමත් ශ්‍රීලනිපයෙන් එජාපයට එකතුවීමට එකඟතාවකට පැමිණ ඇතැයි දැනගන්නට ලැබෙන අතර එම තත්වය වළක්වා ගැනීමද මෙමගින් ජනාධිපති අපේක්ෂා කරන බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
 
සජිත් - මෛත්‍රී එකඟතාව
මේ අතර, අප ජනපති කාර්යාල ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන්නේ නම් ඊට විරෝධය නොදැක්වීමට ප්‍රේමදාස මහතා හා සිරිසේන මහතා අතර එකඟතාවයක් තිබූ බවයි.
 
එසේම සජිත් එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනපති අපේක්ෂකයා වන්නේ නම් ඔහුට ශ්‍රීලනිපය ප්‍රමුඛ ජනපතිවරයා සහය දෙනු ඇති බවත්, කෙසේවුවද ඒ සඳහා ශ්‍රීලනිපය අගමැති අපේක්ෂකත්වය අපේක්ෂා කරනු ඇති බවද ඔහු කියා සිටියේය. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top