Aug 18, 2019

වොල්ගා - හර්ෂණගෙන් වෙන් වෙයි  Featured

නව පරපුරේ නිළියක් වන වොල්ගා කල්පනා සිය පළමු විවාහයේ සැමියා වූ නව පරපුරේ නළුවකු වන හර්ෂණ බෙත්ගමගේ ගෙන් නීත්‍යානුකූලව වෙන්ව තිබේ.

සිය වෙන්වීම සම්බන්ධයෙන් ඇය දරන්නේ මෙවැනි අදහසකි.
 
"මම දැන් පළමුවැනි විවාහයෙන් අයින්වෙලා ඉන්නේ.. හැබැයි කියන්න ඕනෑ වෙන අඹුසැමියෝ වගේ අපි අතරේ කිසිම තරහක් බද්ධ වෛරයක්” හම්බවුණහම කතා නොකර ඉන්න විදිහේ දෙයක් සිද්ධ වෙලා නැහැ’ අපි කලින් යාළුවෝ’ යාළුවෝ විදිහට ඉඳලා තමයි ආදරය කරලා විවාහ වුණේ’ දැන් අපි අතර යාළුකම තියෙනවා’ ස්වාමියා සහ බිරිඳ කියන සම්බන්ධය විතරයි අපි අතර නැතිවෙලා තියෙන්නේ’ මම හිතන්නේ ආපහු විවාහය ගැන හිතන එක කාලයට භාරදෙන්න ඕනෑ ප්‍රශ්නයක්”
 
මොවුන් මෙසේ වෙන්වීමෙන් පසුව ද, පසුගිය කාලයේ එකට රංගනයේ යෙදීම ද විශේෂ සිද්ධියකි.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top