Aug 19, 2019

මගේ පාලන කාලයේ ආණ්ඩුවේ තුවක්කු ජනතාවට පත්තු වුණේ නෑ - ජනපති

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියකුට පත්තු නොවූ එකම යුගය මගේ පාලන කාලය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (18) සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ හ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ඉදිකරන ලද නව ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතුයි. එසේම 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කෙළේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී තිබෙනවා.එම ගැටලුවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතුයි.ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවිය යුතුයි.එමෙන්ම රටට ගැළපෙන ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් මෙන්ම කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් සහ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවීම ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති විය යුතුයි.අද නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව තිබෙනවා. මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදු කළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනකයි.

කවුරුන් කුමන චෝදනා කළ ද ඉකුත් පස් වසර තුළ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කළා පමණක් නොව රට ගොඩනැගීමට බාධාවක්ව පැවති වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවයට එරෙහිව ද දැඩි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කළා" යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top