Aug 19, 2019

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට

කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැත්තා යුද හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී කටයුතු සිදු කල බවට සැක පිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එසේම ඔහුට යාපනය සහ චාවකච්චේරි යන ප්‍රදේශවල ලිපිනයන් 2ක් පවතින බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ යාපනය ඒකකය වෙත භාරදී ඇති අතර මේ වනවිට ඔහු යාපනය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top