Aug 19, 2019

නවසීලන්තයේ වසර 10ක රග්බි ආධිපත්‍ය බිඳ වැටෙයි

නවසීලන්ත රග්බි කණ්ඩායම විසින් වසර 10ක් පුරා ගොඩනඟා තිබූ රග්බි ආධිපත්‍ය බිඳ දැමීමට වේල්ස් කණ්ඩායම ඊයේ (18) සමත් විය.

ඒ වසර 10ක් ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවු නවසීලන්ත කණ්ඩායම රග්බි ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට ඇද දමමිණි.

වේල්ස් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලානය වෙනුවෙන් පැවති පුහුණු තරගයකට එංගලන්තයේ කාඩිෆ් නුවරදී ඊයේ (18) සහභාගී විය.

තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායම ඉතා ආක්‍රමණශීලි තරග රටාවක නිරත විය.තරගයේ පළමු අර්ධය ලකුණු 10ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ වේල්ස් කණ්ඩායමයි.

දෙවැනි අර්ධයේදී වේල්ස් කණ්ඩායම තවත් ලකුණු 3ක් රැස් කරගත් අතර එංගලන්ත කණ්ඩායම දෙවන අර්ධයේදී ලකුණු 6ක් රැස් කරගත්තේය.ඒ අනුව වේල්ස් කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 13ට 6ක් ලෙසනි.

එම ජයග්‍රහණයත් සමග වේල්ස් කණ්ඩායම ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට සමත් වුයේ 2009 වසරේ සිට ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ පසුවූ නවසීලන්තය දෙවැනි ස්ථානයට පත්කරමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top