Aug 19, 2019

2019 දී වාර්තාගත සහල් අස්වැන්නක්? Featured

මෙවර යල කන්නයේ දී වාර්තාගත ටොන් මිලියන 1.471 ක වී අස්වැන්නක් ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව 'ඉකොනොමි නෙක්ස්ට්' වෙබ්අඩවිය වාර්තා කරයි.

කෙසේවෙතත්, නියං කාලගුණය හේතුවෙන් මෙට්‍රික් ටොන් 12,278 ක අස්වැන්නක් අහිමි වී ඇති බවද එහි දැක්වේ.

මෙවර මහ කන්නයේදී මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.59 ක් වූ බවත්, එබැවින් වසරේ සමස්ත අපේක්ෂිත වී අස්වැන්න ටොන් මිලියන 2.73 ක් බවත් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

තවදුරටත් බෝග හානියක් සිදු නොවන්නේ නම් ශ්‍රී ලංකාව අතිරික්ත සහල් මෙට්‍රික් ටොන් 382,212 කින් අවසන් විය හැකි බව පැවසේ.

මේ වසරේ ජුනි මාසය දක්වා වගා කරන ලද හෙක්ටයාර 358,680 ක් මත යල අස්වැන්න පුරෝකතනය කර තිබේ.

කෙසේ වෙතත්, මේ වසරේ ශ්‍රී ලංකාවේ සම්බා සහල් සිල්ලර මිල පහත වැටී ඇති අතර ඒ හේතුවෙන් පරිභෝජනය ඉහළ යා හැකි බව ද පැවසේ.

මහ බැංකු දත්ත වලට අනුව, 2019 අගෝස්තු මාසයේදී කැකුළු හා සම්බා සහල් කිලෝවක සිල්ලර මිල පිළිවෙලින් රු. 75 ක් සහ රු. 85 ක් වූ අතර, පසුගිය වසරේදී එහි මිල පිළිවෙලින් රු. 78 ක් සහ රු. 111 ක් විය.

(ඉකොනොමි නෙක්ස්ට් ඇසුරෙන්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top