Aug 22, 2019

සහරාන් මඟ ගිය තවත් අයෙක් දැලේ

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා නුවරඑළිය කඳවුරැවල පුහුණු වී තිබෙන බව මේ වන විට තහවුරු කරගෙන ඇත.

මොහමඩ් රෆයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරැ වටදෙණිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මොහු සහාරන් විසින් පැවැත්වු නුවරඑළිය පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top