Aug 23, 2019

සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට Featured

සම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පවත්වන වෝහාරික විගණනය අඛණ්ඩව සිදුකරන බව රහස් පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (22) දැනුම් දුන්නේය.

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධව මෙතෙක් සැඟව සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද රහස් පොලිසිය දන්වා 

සිටියේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැළුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සම්පත් බැංකුවේ ඉහළ පෙළේ තනතුරු දරන පිරිසක් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බව රහස් පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වැනිදා කැඳවන ලෙසත් එදිනට වෝහාරික විගණනයට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ නලින් දිසානායක හා නීතිඥ කපිල වලිසුන්ද යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.සම්පත් බැංකුව වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

සබැඳි පුවත්

සම්පත් බැංකු වංචාවේ මහ මොළකරුවන් ලඟදීම අත්අඩංගුවට !

සම්පත් බැංකු වංචාවේ ආන්දෝලනාත්මක හඬ පටය

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකුවේ ලොක්කෝ සංවිධානාත්මකව වංචා කරලා

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන්

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top