Aug 23, 2019

කැස්ත්‍රෝගේ කිඹුලා අත කාලා!

වරක් කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට අයත් ව සිටි කිඹුලෙකු මිනිසෙකු ගේ අතක් සපා කෑ පුවතක් ස්වීඩනයේ ස්ටොක්හොම් අගනුවරින් වාර්තා වේ.

මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණදුන් පුද්ගලයා 70 වියේ පසුවන අතර, අඟහරුවාදා ස්ටොක්හෝම් හි ස්කැන්සන් මින්මැදුරේ සහභාගී වී සභාව අමතමින් සිටියදීය.

තුවාල වූ පුද්ගලයා රෝහල වෙත ගෙනයාමට ගිලන්රථය පැමිණෙන තෙක්, ලේ ගැලීම පාලනය කිරීමට අත්පිස්නා වලින් ඔහුගේ අත් වෙළා තිබේ.

මෙම සත්වයා මින්මැදුරේ සිටින කියුබානු කිඹුලන් දෙදෙනා වන කැස්ත්‍රෝ හා හිලරි යන දෙදෙනාගෙන් අයෙකි. මෙම සතුන් දෙදෙනාම 1970 දශකයේ දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් රුසියානු අභ්‍යවකාශගාමී ව්ලැඩිමීර් ෂටාලොව් හට තෑගි කර තිබුණි.

මෙම සතුන් දෙදෙනා වැඩුනු පසු ෂටාලොව් විසින් ඔවුන්ව මොස්කව් සත්ත්ව උද්‍යානයට ලබාදී තිබුණි. ඉන්පසුව 1981දී මොවුන් දෙදෙනා ස්ටොක්හෝම් හි ස්කැන්සන් මින්මැදුරට ලබාදී තිබුණේ එහි වඩා හොඳ පහසුකම් තිබෙන බැවිනි.

"මීට පෙර මේ කිඹුලන් සමඟ මෙවැනි දෙයක් සිදු වී නැහැ. අපි අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්සේ ඒවා තබා තිබෙනවා," යැයි මින්මැදුරේ ප්‍රධානී ජොනස් වෝල්ස්ට්‍රෝම් මහතා පවසා තිබේ.

මෙවැනි සිද්ධියක් යළි සිදුවීම වැළැක්වීමට මෙම සතුන් සිටින කොටසේ ආරක්ෂිතබව පිළිබඳ යළිත් සොයාබැලීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top