Aug 23, 2019

කීත් නොයාර් පැහැර ගැනීමේ 9වැනි සැකකරැගේ ඇප නියෝගය කල්යයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියේ 9 වන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.ජී. ලියනගේ මහතා අද (23) නියෝග කළේ ය.

අද එම පෙරට්ටුව පැවැත්වීමට නියමිතව තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් නොකිරීම නිසා හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීම අවලංගු කෙරිණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවි මතුගම මහතා කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් 8 දෙනා ලෙසම 9 වැනි සැකකරුටත් ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා නිකුත් කරන බව දැනුම් දුන්නේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top