Aug 23, 2019

කංජිපානිව වසර 6කට ඇතුලට යවයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්හට අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළේය.

2018 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කන්ජිපානි ඉම්රාන් ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා කියා සිටියේ , තම සේවා දායකය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි.

ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර 3ක් බැගින් වසර 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා දන්වා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top