කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(26) පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා එබව කියා සිටියේය.
ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඬ නගන්නේ එම තත්වය වලක්වා ගැනීම සඳහා බව ද ඔහු පෙන්වා දුන්නේය.
'FCID නීති විරෝධීයි'
මෙම මාධ්‍ය හමුවට එක්වූ ආමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පොලිස්පති පුජිත් ජයසුන්දර දේශන පැවැත්වීම හා වෙනත් කටයුතු වල යෙදීම නතර කොට ඔහුට පැවරී ඇති රාජකාරිය නිසි ලෙස ඉටුකළ යුතු බව පවසා සිටියේය.
පොලිස්පතිවරයා විවේචනය කරමින් එබව පැවසු අමාත්‍යවරයා, තමන් එදා ප්‍රකාශ කළ පරිදිම අදත් ප්‍රකාශ කරන්නේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් නොවන බව යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෑතක් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වුයේද පොලිස් මුල්‍ය අපරාද කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් නොවන බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.
නමුත් දැන් මහේස්ත්‍රාත්වරියක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් බවට තීන්දුවක් දී ඇති බව ඔහු පැවසීය.
සබැඳි පුවත් :