Aug 24, 2019

ජනපතිගෙන් අති විශේෂ ගැසට් එකක්

මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

මහජන ආරක්ෂක අඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව සඳහා කැඳවිමට නියෝග කෙරෙන බවයි.

මේ අතර රට තුළ ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය ඉවත් කළ බව ආරක්ෂක අමාත්‍යංශය ඊයේ පැවසී ය.

ආරක්ෂක ලේකම්, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේ රට තුළ ආරක්ෂාව තහවුරු වීම හේතුවෙන් හදිසි නීතිය ඉවත් කළ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top