Aug 24, 2019

මාර්ග තදබදයෙන් දිනක පාඩුව බිලියනයක් Featured

මාර්ග තදබදය හේතුවෙන් දිනකට රුපියල් බිලිනයක පමණ පාඩුවක් සිදුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා කියයි.

ගුවන් විදුලි සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වාහන තදබදය හේතුවෙන් දහනය වන ඉන්ධන හා වැඩකළ හැකි මිනිස් පැය ප්‍රමාණය අපතේ යාමෙන් මෙම පාඩුව සිදුවන බවත් ඒ මහතා කියා සිටී.

කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ ආයතන ස්ථාපිතවීම සහ පෞද්ගලික වාහන භාවිතය ඉහලයාම මාර්ග තදබදය ඇතිවීමට ප්‍රධාන හේතුව බවද හෙතෙම කීය.

ජනතාවට සරිලන පොදු ප්‍රවාහන සේවයක් නොපැවැතීම පවතින ප්‍රධාන ගැටඵවක් බවත්, කොළඹ නගරය ආශ්‍රිතව පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා සැහැල්ලු දුම්රිය සේවා සහ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ප්‍රවාහන සේවා දියුණු කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉදිරි වසර දෙක තුළ ගුණාත්මකබවින් යුතු ප්‍රවාහන පද්ධතියක් රටට හිමිවන බවද හෙතෙම කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top