Aug 25, 2019

ශවේන්ද්‍ර නිසා හමුදාවට සාමසාධක වරම් අහිමි වෙයි? Featured

ශ්‍රී ලංකා හමුදාවට හිමිව තිබූ ජාත්‍යන්තර සාමසාධක හමුදා වරම අහිමිවීමේ අනතුරක් ඇතැයි වාර්තා වේ.

තානාපති අංශ ආරංචි මාර්ගවලට අනුව උතුරේ මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් සේනාධිපතිවරයකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත්කිරීමට ඊට හේතුව බව පැවසේ.

දැනට ශ්‍රී ලංකා හමුදා සෙබලු 415ක් පමණ ලෙබනනය, මාලි හා දකුණු සුඩානයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටිති.

එම සෙබලුන්ට විශේෂ ඉහළ වැටුප් තලද හිමිව ඇත.

හමුදාපති ධූරයට ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට එරෙහිව ප්‍රබල රටවල් රැසක්ද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියද විරෝධය දැක්වූහ.

ඒ අයගේ විරෝධය රජය එකහෙලාම ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකාවට හමුදාපතිවරයකු පත්කර ගැනීම ශ්‍රී ලංකාවේ කාර්යයක් බව කියමිනි.

මේ ගැන එකට එක කිරීමක් හැටියට සාමසාධක හමුදා වරම අහිමි කිරීම ගැන ඉදිරි දෙසතිය තුළ එ.ජා. බලධරයන් තීන්දුවක් ගනු ඇතැති බවද මේ අතර වාර්තා වේ.

(දේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top