Aug 27, 2019

"බුද්ධි අංශයන්ට හයිය දීලා ආරක්ෂාව තහවුරු කරනවා" Featured

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය ජාතික ආරක්ෂාවට බාධා කරන ත්‍රස්ත හෝ වෙනත් සංවිධානයකට කිසිදු ආකාරයකින් අත පෙවීමට නොහැකි වන පරිදි ප්‍රබල බුද්ධි අංශයක් බවට පත් කරමින් ප්‍රමුඛස්ථානයකට ගෙන එන දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක් කරන විශේෂ සැලසුමක් සකසන බව 23වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ආරක්ෂක සමුළුව 2019 සම්බන්ධයෙන් ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේදී බොහෝ විට හමුදා බුද්ධි අංශවල අභ්‍යන්තර වෙනස් කම්ද සිදු විය හැකි බව ද පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ආරක්ෂාවේ දැඩි වගකීමක් බුද්ධි අංශ වෙත පැවරී ඇති බව ද කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"වසර තිහක කාලයක් පුරා මේ රටේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ අවසන් මානුෂීය මෙහෙයුමේ අති දැවැන්ත කොටසක් බාර ගෙන කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අත් දැකීම් ද මෙම අවස්ථාවේ සිහිපත් කරමින් කියා සිටින්නේ එම ත්‍රස්තවාදය තුරන් කිරීමේ අවසන් මෙහෙයුමේ විජයග්‍රහණය කිරීමේ ප්‍රබල කොටසක් ඉටු කළේ යුද්ධ හමුදා බුද්ධි අංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවල මඟ පෙන්වීම මත බවයි. විශේෂයෙන් ත්‍රස්තවාදී නායකයන් සැඟවී සිටි ස්ථාන පවා සොයා ගනිමින් ඔවුන්ගේ ඉදිරි සැළසුම් සියල්ල හෙළි කරගත් ප්‍රබල හමුදා බුද්ධි අංශ සිටි රටක් ඒ ආකාරයෙන් ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් තුරන් කළා සේ තවත් ඉදිරියේදී කිසිදු ආකාරයකින් මෙරටට ත්‍රස්තවාදය ඇතුළු බාහිර බලවේග කිසිවකටත් ජාතික ආරක්ෂාවට බාධාවක් වනආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ඇති නොවන පරිදි හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනවා.

මෙම බුද්ධි අංශ ප්‍රතිසංවිධාන කටයුත්තේ දී සියලු ආරක්ෂක බුද්ධි අංශ සමඟ තිබිය යුතු අන්‍යෙන්‍ය සම්බන්ධතාව සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ තිබිය යුතු සම්බන්ධතාවද ශක්තිමත් කිරීමට කටයුතු කෙරේ. හමුදාපතිවරයා පවසා සිටින්නේ සියලු ආරක්ෂක අංශ බුද්ධි අංශ සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සබදතාව දැඩි ලෙස ශක්තිමත්ව තිබිය යුතු බවත් බුද්ධි අංශවල කාර්යක්ෂමතාව හරහා කිසිදු බලවේගයකට ජාතික ආරක්ෂාවට බාධාවක් කළ නොහැකි බවත්ය.මේ හරහා හමුදාපතිවරයා වශයෙන් බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි කරමින් අවශ්‍ය පරිදි භට පිරිස් යොදමින් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරනවා"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top