Aug 27, 2019

DIG වාස්ගේ නඩුව දෙසැම්බරයට කල්යයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුලු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (27) නියම කළේය.

එහිදී නඩුවට පාදක වී තිබෙන දුරකතන ඇමතුම් විස්තර පිළිබඳව සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිණි.

පසුගිය 2009 වසරේ අගෝස්තු මස 09 වැනිදා මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිපුන රාමනායක නමැති ශිෂ්‍යයා ජීප් රථයකින් පැහැරගෙන ගොස් සිරකර තබා ඇඳුම් ගලවා පහර දී හිරිහැරයට ලක් කිරීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top