Aug 30, 2019

ගෝඨාගේ නඩුව දිනපතා අහන්න තීන්දු කරයි !

හිටපු ආරක්ෂක ලේකම් හා පොහොට්ටු ජනපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනාවට අදාළ නඩුව ඔක්තෝබර් මස 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top