Aug 30, 2019

මාස 8ට අලි 235ක් මරුට

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී අලි මරණ දෙසිය තිස් පහක් වාර්තාවී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජනවාරි මාසයේදී මරණ තිස් අටක්ද (38), පෙබරවාරි මරණ තිස් හයක්ද (36), මාර්තු තිස් හයක්ද (36), අප්‍රේල් තිස් හයක් (36), මැයි විසි නමයක් (29), ජූනි විසි අටක් (28), ජූලි විසි හයක් (26), අගෝස්තු මුල් දින කීපයේදී හයක්ද (06) වශයෙන් වාර්තාවී ඇත.

මෙම අලි මරණවලින් හතළිස් පහක්ම (45) සිදුවී ඇත්තේ වෙඩි තැබීම නිසාය.

හක්ක පටස් හේතුවෙන් අලි මරණ තිස් හතක්ද ක්ද, විදුලි සැර වැදීම නිසා අලි මරණ විසි එකක්ද, ස්වභාවික හේතූන් මත මරණ දාසයක්ද, හේතූන් හදුනාගත නොහැකි අලි මරණ විසි දෙකක්ද, වෙනත් හේතූන් මත අලි මරණ අනූවක්ද සිදුවී ඇතැයි වනජීවි සංරක්ෂණ
දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දුම්රියේ ගැටීමෙන් අලි මරණ හතරක් (04) ක් සිදුවී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top