Aug 30, 2019

2017 සෘජු විදේශ ආයෝජන 23%කින් බැහැලා Featured

2016 වසර හා සැසඳීමේ දී 2017 දී රට තුළට ගලා එනු ලැබූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 23% කින් අඩුවී තිබේ.

2016 දී රට තුළට ගලා ආ ගෝලීය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.87 වූ අතර 2017 දී එම අගය 1.43 විය.

වෙනත් රටක ආයෝජනයක් සමඟ ඒකාබද්ධ වීම හා අත්පත් කර ගැනීම් 22% කින් අඩු වීම මූලික යටිතල පහසුකම් ඇතුලත් ආයෝජන 14% කින් අඩු වීම මීට හේතු වූ බව ආයෝජන මණ්ඩලය කියයි.

කෙසේ වුවද සංවර්ධනය වන ආසියාතික රටවල් කරා ගලා ගිය සෘජු විදේශ ආයෝජන 2017 වසරේදී ස්ථාවරව පැවතියදී මේ පහලයාම සිදුව තිබේ.

එමෙන්ම 2017 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ගලා ගිය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1430 දක්වා 2.9% කින් ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top