Aug 30, 2019

ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දය වහාම තියන්න නියෝගයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

එම ප්‍රාදේශිය සභාවට ප්‍රජාත්‍රන්තවාදි එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇතිවු නාමයෝජනා පත්‍රය පිළිගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.

සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කිරිමට එරෙහිව ප්‍රජාත්‍රන්තවාදය ඉදිරිපත් කොට තිබු පෙත්සම සලකා බැලු ප්‍රසන්න ජයවර්ධන,මුර්දු ප්‍රනාන්දු සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ආදාළ නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top