Aug 31, 2019

සාලින්දගේ මන්ත්‍රී පුටුව ගන්න ශාන්තට නඩු දාන්න වෙයි!

පාර්ලි­මේන්තු මන්ත්‍රී සාලින්ද දිසා­නා­යක මහ­තාගේ අභා­ව­යෙන් පුර­ප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තමා පත් නොක­රන්නේ නම් ඊට එරෙ­හිව නීති ක්‍රියා­මාර්ග ගන්නා බව කුරු­ණෑ­ගල දිස්ත්‍රික් හිටපු පා.ම. ශාන්ත බණ්ඩාර මහතා පව­සයි.

මේ මන්ත්‍රී ධුරය පුර­ප්පාඩු වී මස­කට අධික කාල­යක් ගත වී ඇති බවත්, පුර­ප්පා­ඩුව පිර­වීම සඳහා කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් ගැනී­මට අදාළ බල­ධා­රීන් මෙතෙක් කට­යුතු කර නැති බවත් ඔහු පෙන්වා දෙයි.

සාලින්ද දිසා­නා­යක මහතා මිය යන විට තමා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස සිටි බවත් ඔහු මිය යෑමෙන් පසු තමා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යෙන් ඉල්ලා අස් වී, මහ­ජන ඡන්ද­යෙන් පත් වූ මන්ත්‍රී­ව­ර­යකු ලෙස පාර්ලි­මේ­න්තු­වට යෑමට තීර­ණය කළ බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top