Aug 31, 2019

මැණික් අධිකාරියේ සභාපති මාරුව Featured

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට 2019 අගෝස්තු 28 වනිදා නව සභාපතිවරයකු පත්කර ඇති අතර 2015 වසරේ සිට මේ වනවිට සභාපතිවරු අටක් එම අධිකාරියට පත් කර තිබේ.

කෙසේ වුවද මැණික් ව්‍යාපාරිකයන් මෙලෙස සභාපතිවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද පැවසේ.

පසුගිය අගෝස්තු 28 වැනිදා එම අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති සුමිත් ලාල් මෙන්ඩිස් මහතාය.

පසුගිය ජනවාරි මාසයේ සිට ඉකුත් අගෝස්තු 28 වැනිදා දක්වා එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top