Aug 31, 2019

STF මෙහෙයුමකින් යුද උපකරණ තොගයක් සොයා ගනියි

පේදුරුතුඩුව තුඩත්තන ප්‍රදේශයේදී වළදමා තිබී යුද උපකරණ තොඟයක් සොයාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

යාපනය කඳවුරේ නිළධාරින් පිරිසක් සිදු කළ වැටලීමකදී පැති බෝම්බයක්, මිලිමිටර් 60 මෝටාර් උණ්ඩ 04ක්, මිලිමිටර් 40 ග්‍රේනට් ලොන්චර් උණ්ඩ 12ක් හා පැරා ලයිට් 03ක් සොයාගෙන තිබේ.

අදාළ යුධ උපකරණ යුධ සමයේ වලදමා ඇති බවද පැවසේ.

එම උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාරදී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top