Aug 31, 2019

පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පොලිසියට උපදෙස් මාලාවක්

වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී, අත්තනෝමතික හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ නිර්දේශ නිකුත් කර ඇති බව එමඟින් දැනුම් දී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමක් සිදුකරන සෑම අවස්ථාවකම නිසි විමර්ශනයකට අනුව සාධාරණ සැකයක් ඇති කිරීම පිළිබඳව ස්ථිර සාක්ෂි තිබීම වැදගත් වෙයි.

එසේම, එක් එක් සංස්කෘතිය පදනම් කරගනිමින් ආගමික සංකේත හඳුනාගැනීම හෝ අන්‍ය භාෂාවකින් ලියා ඇති වදනක අන්තර්ගතයන් හඳුනා ගැනීම වැනි කරුණුවලදී ඒ පිළිබඳව විශේෂඥ මතයක් ලබාගත යුතුවේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව එය සාධාරණීකරණය කිරීම සඳහා වැරදි සොයා යා යුතු නොවන බවටද වැඩබලන පොලිස්පතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top