Aug 31, 2019

විජේදාසගේ අවනඩුව 04දා එළියට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විරචිත කෘති තුනක් එළිදැක්වීම සැප්තැම්බර් 04 වැනිදා සවස 4ට කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී සිදු කෙරේ.

“රාජ්‍ය පාලනයේ විකාශනය සහ ග්‍රී ලංකාවේ අනාගතය” ග්‍රන්ථය, “අවනඩුව” කෙටි කතා සංග්‍රහය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “අතුරුදහන් අපේක්ෂකයාගේ අභිරහස” කෙටි කථා සංග්‍රහය මෙසේ එළිදැක්වේ.

මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සමගාමීව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විසින්ම ලියන ලද, ප්‍රවීණ සංගීතවේදීන් හා ගායන ශිල්පීන්ගේ මියුරු හඬින් ගැයෙන “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වයද ජනගත කිරීමට නියමිතය.

Wijedasa1 670px 19 08 31

Wijedasa2 670px 19 08 31

Wijedasa3 670px 19 08 31

Wijedasa4 670px 19 08 31

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top