Sep 01, 2019

බෝරා සමුළුව අද ඇරඹෙයි : රටවල් 40කින් 21,000ක් කොළඹ

කොළඹදී අද (01) ආරම්භ වන බෝරාවරුන්ගේ සමුළුවට රටවල් 40කින් 21,000ක පිරිසක් සහභාගිවනු ඇතැයි වාර්තා වේ.

මුහුදු, ගුවන් මෙන්ම ගොඩ බිම ආරක්ෂාව ඇතුළුව මේ සමුළුව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවද පැවසේ.

ඒ සඳහා අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා තිබේ.

දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4 වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලියේදී පැවැත්වේ.

සමුළුවට එක්වීමට පැමිණි විවිධ රටවල බෝරාවරුන් කළුතර සිට මීගමුව දක්වා මුහුදු සීමාවේ හා රට තුළට අවිස්සාවේල්ල, නිට්ටඹුව දක්වා වූ ප්‍රධාන හෝටල් සියල්ලක්ම වාගේ වෙන්කරවා ගෙන තිබීම විශේෂ සිද්ධියකි.

මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 130ක ආදායමක් ලැබෙන බව පැවසේ.

බෝරාවරුන් මැණික් හා අත්කර්මාන්ත නිපැයුම්වලට වැඩි ඇලුම්කම් දක්වන පිරිසකි.

ලෝකයේම බෝරාවරුන් ලක්ෂ 12කට ආසන්න පිරිසක් සිටින අතර ලංකාවේ ඉන් දෙදහස් හයසියයකට ආසන්න පිරිසක් ජීවත් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්තවලින් වාර්තා වේ.

බෝරාවරුන් වැඩිම පිරිසක් ජීවත්වන්නේ ඉන්දියාවේ වන අතර බෝරාවරුන්ගේ නායකයා ආචාර්ය සෙයිඩ් මුෆාචාල් සයිෆුදීන් ද පසුගිය සති අන්තයේ දිවයිනට පැමිණියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top