Sep 02, 2019

පිඳුරුතලාගලදී අතරමං වු දරුවන් සොයා ගනියි

පිඳුරුතලාගල රක්ෂිතයේ අතරමං වී ගොස් සිටි දරුවන් දෙදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් අද (02) අළුයම් කාලයේදී සොයා ගෙන තිබේ.

හඟුරන්කෙත-මන්දාරම්නුවර ප්‍රදේශයේ පිහිටා ඇති කොළ පතන දිය ඇල්ල ආශ්‍රිත වනයේ ඇවිදීමට ගොස් මොවුන් මෙලෙ අතරමං ඇත.

මන්දාරම්නුවර පොලීසිය, වනජීවි දෙපාර්තමේන්තුව හා ප්‍රදේශයේ සංචාරක මඟ පෙන්වන්නන් විසින් රාත්‍රීය පුරා කළ මෙහෙයුමකින් අනතුරුව මෙම ළමුන් දෙදෙනා සොයා ගෙන ඇති පැවසේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් සමඟ මෙම පිරිස ඊයේ (01) දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර පවුලේ සමාජිකයින් පසුකර මෙම දරුවන් ‍කඳුකරයට ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top