Sep 02, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කැඳවා ඇත.

එම ආයතනයන්හි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා මෙම ආයතන කාරක සභාව හමුවට කැඳවා තිබෙන අතර ඒ අනුව හෙට (03) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යුතුව ඇත.

ලබන 17 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර එළැඹෙන 18 වැනිදා පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රගතිය විමර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top