Sep 04, 2019

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 5කට විනය ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගවලට අදාළ ලිපි යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව මෙම ලිපි යොමුකර තිබේ.

වෙනත් පක්ෂයක් සමග කටයුතු කිරීම පිළිබඳ අදාල ලිපි මගින් කරුණු විමසා ඇති බවද ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top