Sep 07, 2019

එජාප අපේක්ෂකයා තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය අතේ

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමන් යැයි ප්‍රකාශ කල බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වන සිය කැමැත්ත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වන බව පමණක් එහිදී සඳහන් කළ බව ඔහු පිළිගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධ අවසාන තීරණයක් ගැනීමේ බලය පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බව පැවසේ.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද වික්‍රමසිංහ මහතා ඔහු එජාප ජනපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කළේයැයි වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවුවද, ඒ මහතා මේ බව ප්‍රකාශවූයේ යැයි සඳහන් වන ඊයේ (06) පැවැති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමට සහභාගිවී නොසිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලබන සතියේම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගන්නා ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද මේ
අතර වාර්තා වේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ එවිට සජිත්ට වුවද අවසන් තීන්දුවකට එළඹිය හැකි බවයි.

මේ ගැටුම හේතුවෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන්ට සිය අත්සන පවා සුරක්ෂිත කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔවුන් පෙන්වාදී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top