Sep 08, 2019

ණය පොලිය බස්සන්න යයි !

බැංකු තැන්පතු සඳහා ෙගවන පොලී අනුපාතය සඳහා සීමාවක් පනවා ඇති ආකාරයටම ණය ලබාදීමේදී නියම කරන පොලී අනුපාතය සඳහා ද සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙන බව වාර්තා වේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත දිගින් දිගටම අඩු කිරීම නිසා තැන්පතු සඳහා ගෙවන පොලිය 2.5%කින් පමණ පහත දැමිණි. 

එහෙත් බොහෝ බැංකු ඊට සපේක්ෂව ණය පොලී අනුපාත අඩුකර නැති බවට ලැබුණ පැමිණිලි රාශියක් සලකා බැලීමෙන් පසු එම නිවාස ණය - වාහන ණය - දේපල මිලදී ගැනීම ආදී විවිධ කාරණා සඳහා බැංකු ණය ලබා දීමේදී දැනට අය කරන පොලී

අනුපාතයන් 2%කින් පමණ අඩුවන ලෙස ණය පොලී සීමාවක් පැනවෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාරගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top