Sep 09, 2019

ගෝඨා ගැන කට වරද්දාගත් වරධරාජාට වැඩ වැරදියි

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කරන ලෙස වරධරාජා පෙරුමාල් මහතා දෙමල වැසියන්ගෙන් ඉල්ලීමක් කිරීමත් සමගම ඔහුට එරෙහිව 6 දා වවුනියාවේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගමය සහ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර උතුරු පළාත් සභාවේ සිටි පළමු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතාගේ ඡායාරවලට ඉදල්වලින් ගසමින් මේ විරෝධතාවය පැවැත්විණි.

වරදරාජා පෙරුමාල් මහතාව වදුරකුගේ ආකෘතියකට නගා එම ආකෘතිය පොලොවේ ගසමින් හා ඒ ආකෘතියටද ඉදල්වලින් ගසමින් කාන්තාවන් කෑ කෝ ගසමින් කියා සිටියේ වරධරාජා පෙරුමාල් මහතා උතුරු පළාත් සභාව අතහැර පලාගිය පුද්ගලයෙකු නිසා දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කිරීමට ඔහුට කිසිම සදාචාර අයිතියක් නොමැති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top