Sep 09, 2019

ලියාපදිංචි හොරු පොලිස් දැලට මාට්ටු

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සමඟ කැකිරාව ඈඹුල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 03 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 05කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ඔවුන් වත්තල, කඩවත හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් සිද්ධින් 15කට පමණ සම්බන්ධ බව පොලීසිය සඳහන් කළේය.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top