Sep 09, 2019

කංජිපානි 20 තෙක් රිමාන්ඩ්

පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටි කංජිපානී ඉම්රාන් ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) නියෝග කළාය.

මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන පනත ප්‍රකාරව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බැවින් නඩුව අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

සැකකරුට එරෙහිවත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව පෙන්වා දුන් පොලිසිය නඩුවිභාගය අවසන් වන තෙක් ඔහු ඇප මත මුදා නොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිස්පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝගකළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ කටහඩ සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

එමෙන්ම කන්ජිපානිඉම්රාන්ගේ කටහඩ සාම්පල එම දෙපාර්තමේන්තුව වෙත සාම්පල ලබා දීමට ද දිනයක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top