Sep 09, 2019

කුසුම්දාසට හා පියදාසට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය හෙට (10) දිනය දක්වා කල් තැබිණ.

ඒ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු එස්. නාගරාජා මහතාගෙන් රුපියල් කෝටි දෙකක් අල්ලස් ලබාගත් බවටයි.

සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් හා චම්පා ජානකී රාජරත්නම් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top